Saturday, November 26, 2011

Hit me one more time




         "Mama I'm in love with a criminal
           and this type of love isn't rational
           it's physical"
                         - Britney Spears -

Singer Amy Winehouse died recently when she was only 27 years old because of her drug addiction. I got to know about her when the song "Rehab" became a popular hit in charts. "You know I'm no good" is another favorite of mine among her few popular songs. Amy was mostly known for her self-destructive acts that ultimately lead to her death. All the "good" people in media ridiculed these acts as stupid behavior. However, the question is that don't these "good" people display similar type of madness when they are not in front of the camera. Is self-destructive behavior limited only to a bunch of lunatics like Amy? Or is it a fundamental desire of every human being? I support the later.

Let's examine a common practice: social drinking. What are the popular claims on the reason for one to drink?
1. People drink to socialize.
2. People drink to get drunk which boosts the thrill of a moment.
3. People drink as a temporary escape from everyday problems.
Anti-alcoholics have easy counter arguments for all these reasons.
1. There are hundred and one better ways to get socialized than drinking.
2. Thrill of getting drunk is a myth created by alcoholics who do not know enjoying an occasion consciously
3.  Temporary escape from problems with alcohol is similar to scratching a wound which only worsens the situation.
All these counter arguments are logical and are true. Let's add further to these.
1. Drinking empties your pocket.
2. Alcohol is not good for health at all
3. One destroys his / her social image with drunk acts
4. You put many lives in risk by drunk driving
Why do many drinkers go way beyond the limit of getting drunk for thrill, leading to hangover? Does it happen due to lack of self control? Or is it intentional?
All the rational answers given to justify drinking are falsified easily. They should be, because all of them are fake. If there is any honest explanation as to why people drink, I think it should be the self-destructive desire of every human being. Alcohol provides a nearly perfect way for one to hurt him / her self.

In his essay "A child is being beaten", Freud explains the connection between pleasure and suffering. Not only that one can make enjoyment through suffering, but also self-inflicted-suffering is a basic fantasy. If you look into this with an open mind I guess you can find enough supportive facts from the society and from your own life.

Nikos Kazantzakis, in his renowned novel "Zorba the Greek" says that one should dance into the very rhythms and moves of his body like no one is looking at him. Osho later adopted this concept to manifest ones inner soul which is followed by a lot of people around the world. They have created bars like "Zorba the Buddha" particularly for these acts. However, the question is that if you are dancing to the rhythms of your own body why do you always need spectators. Apparently this is another form of self-destructiveness because in doing this one ridicules him / her self in front of others. Awakening the inner soul is just a fake answer to hide this. Similar practices can be observed in places like Katharagama (http://en.wikipedia.org/wiki/Kataragama_temple) where people engage in extremely hurtful rituals in the name of religious devotion. Everywhere self-destruction is practiced in public, it is masked with a colorful answer to hide the real (and mostly unknown) reason.

Though self-destruction is a basic human desire, not everyone has the courage to practice it alone to take individual responsibility. These self-destructive cowards have become the target consumers of a new type of market where "opportunities for collective stupidity" being sold. Most of them provide adults to engage in childish acts as a group where the act is tagged as normal. Fake reasons given are "Awake the child within you", "Manifest your suppressed, innocent soul", "Explore your hidden creativity", etc.

Self destructive acts can be thought of as an attempt to find an answer to the fundamental philosophical question of ones existence. By hurting himself, one tries to convince him of his existence. I think self-destruction is one of the purest forms of human emotions. As Britney Spears puts into words in her new song, this is not something that is rational; but it is physical.

Wednesday, November 2, 2011

දන්නා දෙයම නැවත කීම සහ නොදන්නා දෙයක් කීම අතර වෙනස​ - "බකමූනා වීදි බසී" නාට්‍යය ඇසුරින්



"ඔබ මිනිසුන්ට ඔවුන් දන්නා දෙයම නැවත කියන්න​. ඔවුන් ඔබව වීරයකු ලෙස සලකාවි. ඔබ මිනිසුන්ට ඔවුන් නොදන්නා දෙයක් කියන්න​. ඔවුන් ඔබව ද්‍රෝහියකු ලෙස හංවඩු ගසාවි."


කතෘවරයාගේ නම මතකයෙන් ගිලිහී තිබුනත් ඉහත අදහස යනු යළි යළිත් ඉතිහාසය විසින් සනාථ කර ඇති සත්‍යයයකි. මගේ නාට්‍යලෝලී මිතුරකු සමග රාජිත දිසානායකගේ "බකමූනා වීදි බසී" නාට්‍යය නැරඹීමෙන් පසුව ඉහත ප්‍රකාශය මා තුළ නැවත තහවුරු විනි. නාට්‍යය ඇරඹෙන්නේ කිසියම් චරිත කිහිපයක් තමන් පිළිබඳව කරන කෙටි අර්ථකථන වලිනි. හරියටම මතක නැතත් මේවායින් එක් ප්‍රකාශයක් වූයේ "මට කැමති විදියට දේවල් සිද්ධ වෙන්නෙ නැත්නම් මම කරන්නේ සිද්ධ වෙන දේවල් මගේ කැමැත්ත බවට පත් කරගන්න එක​" වැනි දෙයකි. ඉතිරි ප්‍රකාශයන් ද මෙවැනිම ඒවා විය​. ප්‍රේක්‍ෂකයාගේ පැත්තෙන් බලන විට ඉහත චරිත තමන් කවුදැයි නිශ්චිතව දන්නා අතර තමා පිලිබඳ අවංක සහ අත්‍යන්ත සත්‍යයය ප්‍රේක්‍ෂකයාගේ දැනගැනීම පිනිස ප්‍රකාශ කරයි. ඉන්පසුව දිගහැරෙන කථාව ශ්‍රී ලංකා රාජ්‍ය හමුදා විසින් දෙමල සටන්කාමීන් පරාජය කිරීමත් ඉන්පසුව සංවර්ධනයේ නමින් ණය ගැනීම​, විකිණීම සහ සොරකම් කිරීම ක්‍රියාත්මක වීමත් සංකේතාත්මකව දිගහරියි. රාජිත දිසානායකගේ වෙනත් නාට්‍ය මෙන්ම මෙයද ජීව ගුනයෙන් පිරි නාට්‍යයක් වූ අතර ප්‍රේක්‍ෂකාගාරයේ උනුසුම් ප්‍රතිචාර දිනාගැනීමටද සමත් විය​.


නාට්‍යය නැරඹීමට පෙර එය පිළිබඳව ඩබ්ලිව්. ජයසිරි සහ විමලනාත් වීරරත්න විසින් රාවය පුවත්පතට ලියූ විචාර දෙකක් කියවීමි. ඒවාට අනුව මෙය ඉතා හොඳ දේශපාලන නාට්‍යයකි. එහෙත් ගැටලුව වන්නේ නාට්‍යය මගින් පෙන්වන කිසිවක් ප්‍රේක්‍ෂකාගාරයේ සිටින රසිකයාට අලුත් දේවල්ද යන්නයි. ප්‍රේක්‍ෂකයා දන්නා දෙයම රසවත් ලෙස ඔහුට නැවත පැවසීම මගින් යම් වීරත්වයක් ලබාගත හැකි වුවත් ප්‍රේක්‍ෂකයා තුළ සැලකිය යුතු බලපෑමක් එමගින් සිදුවේදැයි සිතාබැලිය යුතුය​. පැරණි නාඩගම් වැනි සම්ප්‍රදායන් තුළද මෙම ලක්‍ෂණය තිබූ අතර එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය මිනිසා පීඩාවට පත් කරන ප්‍රභූන් හාස්‍යජනක ලෙස සාමාන්‍ය මිනිසුන් ඉදිරිපිට රග දැක්වීම එහිදී සිදුවිය​. මෙමගින් පීඩිත මිනිසාට තාවකාලික මානසික සහනයක් ලැබිනි. මගේ අදහසට අනුව මෙවැනි උත්සාහයන් අවසාන වශයෙන් සේවය කරන්නේ පවතින ක්‍රමයටමය​. පවතින ක්‍රමයේ අමානුෂිකත්වයෙන් පීඩාවට පත්වන මිනිසා තුළ ගොඩනැගෙන වෛරී ආතතිය පවතින ක්‍රමයට විරුද්ධ ප්‍රායෝගික අරගලයක් දක්වා වර්ධනය වනතෙක් පැසවන්නට ඉඩ නොතබා මායාමය ඉදිරිපත් කිරීමක් තුළ එය සමහන් කර දැමීම මෙවැනි කෘතිවලින් සිදුවේ.


Krzysztof Kieslowski ගේ "The Double Life of Veronique" චිත්‍රපටය ඉතාමත් සමාන ස්ත්‍රීන් දෙදෙනකුගේ ජීවිතය එකිනෙකට වෙනස් දේශපාලන රෙජිමයන් දෙකක් තුළදී වෙනස් වන ආකාරය පෙන්වයි. එක් රෙජිමයක් නම් එකල පෝලන්තයේ ක්‍රියාත්මක වූ අධිකාරීමය කොමියුනිස්ට් රෙජිමය වන අතර අනෙක වඩාත් නිදහස්කාමී ප්‍රංශ දේශපාලන රෙජිමයයි. මෙහිදී kieslowski ඉහත දේශපාලන රෙජිමයන් දෙකේ ඍජු ක්‍රියාකාරීත්වය පෙන්වීම සඳහා චිත්‍රපටයේ කිසිදු වැදගත් කාලයක් මිඩංගු නොකරයි. එය තත්පර ගනනක දර්ශන එකකට දෙකකට සීමාකර ඇත්තේ ප්‍රේක්‍ෂකයා එය කොහොමටත් දන්නා නිසාය​. අධ්‍යක්‍ෂවරයා චිත්‍රපටයේ වැදගත් කාලය වෙන් කරන්නේ ඉහත රෙජිමයන්වල ක්‍රියාකාරීත්වයට පුද්ගල ආත්මය ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි පෙන්වීමටයි. ප්‍රේක්‍ෂකයා නොදන්නා දෙය වන්නේ එයයි. රාජිත දිසානායකගේ නාට්‍යය ආරම්භයේ අදහස් පළකරන චරිත මෙන්ම ප්‍රේක්‍ෂකයාද සිතා සිටින්නේ තමා පිළිබඳ අත්‍යන්ත සත්‍යය තමා දන්නා බවයි. එහෙත් kieslowski වැනි දක්‍ෂ කතෘවරුන් සිදුකරන්නේ ප්‍රේක්‍ෂකයාට තමා පිළිබඳව ඇති මෙම තක්සේරුව අභියෝගයට ලක් කිරීමයි. එය මිත්‍යාවක් බවට ඉගි සැපයීමයි. එක්තරා චිත්‍රපට උළෙලකදී තමාගේ "The White Ribbon" චිත්‍රපටය ධාවනය කිරීමට​ පෙර Michael Haneke ප්‍රේක්‍ෂකයන් අමතා ප්‍රකාශ කරන්නේ "I wish you a disturbing evening" කියාය​. ඔහුගේ නිර්මාන ප්‍රේක්‍ෂකයා සමග සම්මුතියකට නොයන අතර ඔහුගේ / ඇයගේ ආත්මීයත්වය සමග ආතතිමය සම්බන්ධයක් ගොඩනගා ගනී.


කලා කෘතියක් මගින් සමාජයට සිදුකරනු ලබන ධනාත්මක සම්ප්‍රධානය යනු කෘතිය පාදක කොටගෙන බිහිවන කතිකාව නම් එම කතිකාව බිහිකරන්නේ තමා මින් පෙර නොදුටු සහ නොසිතූ විරූ යමක් කෘතියෙහි දැකීමෙන් රසිකයා තුළ ඇතිවන කම්පනයයි. එබඳු කම්පනයක් ඇති නොකරන කෘතීන්, රත්වූ යන්ත්‍රයක් ජලයෙන් සිසිල් කරන්නාක් මෙන් සිය දෛනික ජීවිතයෙන් විඩාපත් වන මිනිසාට මොහොතක සැනසුමක් පමණක් ලබාදෙයි.


උදාහරනයක් ලෙස සරල විනෝදජනක නාට්‍යයක් නැරඹීමට යන රසිකයකු සලකමු. මෙය මාන තුනකින් සලකා බැලිය හැක​. පළමු මානය යනු රසිකයාය​. ඔහු නාට්‍යය නැරඹීම වෙනුවෙන් යම් පිරිවැයක් දරා ඇති අතර එයට සරිලන ලෙස විනෝද විය යුතුමය​. දෙවැනි මානය ඇත්තේ නාට්‍යය තුළයි. සාමාන්‍යයෙන් පවුල තුළ​, කාර්‍යාලය තුළ​, මහේක්‍ෂ දේශපාලනය තුළ සහ ආදර සබඳතා තුළ ආදී වශයෙන් ඇති මිනිස් සබඳතා නෛසර්ගිකවම මුග්ධ (inherently stupid) වන අතර සියල්ලන්ම එය හොඳින් දනී. එහෙත් එය නොදන්නාක් මෙන් දෛනික ජීවිතයේ වතාවත් වල යෙදෙයි. නාට්‍යකරුවා ඉහත සමාජ මුග්ධභාවය (රසිකයා දැනටමත් දන්නා නමුත් නොදන්නවාසේ සිටින මුග්ධභාවය​) නාට්‍යය තුළ රසිකයා වෙත ප්‍රති-ඉදිරිපත් කරයි. එවිට රසිකයා තුළ දෛනික ජීවිතයේ යාන්ත්‍රිකභාවය විසින් ගොඩනගා ඇති ආතතිය හාස්‍යයක් ලෙස පිටව යයි. දැනටමත් දෙපාර්ශ්වයම ජයග්‍රාහකයන් බවට පත් කර ඇති මෙම ගනුදෙනුව තුන්වන මානය මගින් අංග සම්පූර්ණ බවට පත් කෙරෙයි.


තුන්වන මානය නම් රසිකයාටත් නාට්‍යයටත් පරිබාහිරව පවතින රාජ්‍යයයි. රාජ්‍යය යනු බලවතුන් විසින් දුබලයන් පාගා දමමින් ගෙනයන පාලන තන්ත්‍රය සුජාත කරවන ව්‍යුහය වේ. (රාජ්‍යය යනු ආණ්ඩුව නොවන බව පාඨක ඔබ දන්නේ යයි සිතමි. බොහෝ විරුද්ධ පක්‍ෂ ආණ්ඩු විරෝධී වුවත් රාජ්‍යයට පක්‍ෂපාතීය​). රාජ්‍යයට අනුව ඔබ​,
1. කුඩා කාලයේදී හොඳින් ඉගෙනගත යුතුය​.
2. පාසලේදී උගන්වන ඉතිහාසය "නියම ඉතිහාසය​" ලෙස පිළිගෙන ඉන් පරිබාහිර ඉතිහාසයක් ගැන සිතීමෙන් වැලකිය යුතුය​.
3. පාසල් වියේදී දගකාර විය යුතු අතර "නිසි වයස​" පැමිනි විට එම දගකාරකම් නවත්වා විවාහවී යහපත් දරුවන් රටට දායක කළ යුතුය​.
4. ත්‍රස්තවාදීන් නමින් අමුතු සත්ව කොට්ඨාසයක් සිටින බව පිළිගත යුතු අතර ඔවුන් රාජ්‍ය හමුදා විසින් අනුකම්පා විරහිතව මර්දනය කිරීම රටේ මෙන්ම තමාගේද ජයග්‍රහනයක් ලෙස සැලකිය යුතුය​.
5. කාර්‍යාලයේදී මහන්සි වී රට වෙනුවෙන් වැඩ කළ යුතුය​.
6. නෘත්‍යාගාරයේදී (අනිවාර්‍යයෙන්ම​) විනෝද විය යුතුය​.


ඉහත මානයන් තුනේ මුසුවෙහි ප්‍රතිඵල දැන් විමසා බලමු.
1. රසිකයාට තමා තුළ තිබූ බරක් සැහැල්ලු කරගන්නට උපකාර වූ නාට්‍යකරුවා ගැන ලොකු ආදරයක් ඇති වීම​.
2. රසික සමාජය තුළ නාට්‍යකරුවා වීරයකු බවට පත්වීම.
3. රාජ්‍යය විසින් නාට්‍යකරුවාට සම්මාන සහ වෙනත් සිවිල් වටිනාකම් ලබාදීම​.
4. රසිකයා කිසිදු වෙනසකින් තොරව තම යාන්ත්‍රික ජීවිතයට නැවත පිවිසීම​.


මීට සහමුලින්ම වෙනස්ව​, බැරෑරුම් කලා කෘතියක් හෝ නව විද්‍යාත්මක දැනුමක් මගින් සිදු කරන්නේ මිනිසා තමා පිළිබඳව ගොඩනගන මානසික ලෝකය ඉරිතැලීමට ලක් කිරීමයි. එවිට රාජ්‍යය විසින් තම අවශ්‍යතාව පරිදි සකස් කර ඇති මිනිස් සබඳතා ව්‍යුහය යම් අසමතුලිතතාවයකට පත්වී මිනිස් නිර්මානශීලීත්වයට යම් අවකාශයක් විවර වෙයි. මෙම වෙනස යනු කිසිවකු විසින් ආදරයෙන් බාරගන්නා දෙයක් නොවේ. තමාගේ සංගත මානසික ලෝකය චූන් කරන කලාකරුවකු සමග රසිකයා ආදරයෙන් බැඳුනත්, එම මානසික ලෝකය දෙදරවා හරින කලාකරුවකුට හිමිවන්නේ වෛරයයි. අතීතයේ බිහිවූ බොහෝ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් සහ කලාකරුවන් ඔවුන්ගේ යුග වලදී සමාජයේ ගර්හාවටත් රාජ්‍යයේ තාඩන පීඩන වලටත් ලක්වීම මේ අනුව වටහාගත හැක​. එහෙත් ඉතිහාසය අපට උගන්වන පරිදි මිනිස් සමාජය ප්‍රගමනය කරා මෙහෙයවූ පහන් එළි බවට පත්වූයේද එම ගර්හිත පුද්ගලයන්මය​.


ලංකාවේ බොහෝ නව පරපුරේ කලාකරුවන් අපට පවසන්නේ "අපි අලුත් දෙයක් කළා. ඇවිත් බලන්න​" කියාය​. බලන්න ගිය විට අලුත් නිර්මානයක් දකින්නට නොලැබෙන අතර පවතින දේවල්වලම ප්‍රති-ඉදිරිපත්කරනයක් මුනගැසේ. පවතින පාලන තන්ත්‍රය පිළිබඳව මිනිසුන් දන්නා නමුත් නොදන්නවාසේ සිටින කාරනාවන් එම මිනිසුන්ටම නැවත ඉදිරිපත් කරන "බකමූනා වීදි බසී" නාට්‍යයද එවැන්නකැයි කීමේ අසාධාරණයක් නොමැත​. පරිගණක භාවිතයේ cut-and-paste තාක්‍ෂණය වර්ධනය වීමෙන් පසු දවසකට සියයක් දෙසියයක් පමණ හමුවන ප්‍රති-ඉදිරිපත්කිරීම් වලින් තවත් එකක් බවට රාජිත දිසානායකගේ අලුත් නාට්‍යය පත්වීම පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරමින් මම ලිපිය අවසන් කරමි.